රන්ජන්ගේ හඬපට ගැන සොයන්න සිංගප්පුරුවෙන් විශේෂ යන්ත්‍ර ගෙනෙයි

රන්ජන්ගේ හඬපට ගැන සොයන්න සිංගප්පුරුවෙන් විශේෂ යන්ත්‍ර ගෙනෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ගේ දුරකථන හඬ පට විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව වාර්තා වනවා.

ඉකුත්දා මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවෙසේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබූ දුරකථන සංවාද 120,000 කට අධික ප්‍රමාණයක් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දුරකථන සංවාද විශේෂණය කිරිම සඳහා අවශ්‍ය ධාරිතාවයෙන් යුත් උපකරණ පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් එම උපකරණ සින්ගප්පුරුවෙන් ආනයනය කිරීමට මේ වන විට කටියුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

දැනට පොලිසිය සතුව තිබු රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬ පට සහිත දෘඩාංග තැටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

මෙම හඬ පට විමර්ශනය සඳහා පොලිස් මුලස්ථානය විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා තිබෙනවා.

Share this: