මාස්ටර්ස් අයෝමය පුරුෂයා නිමල් වන්නිආරච්චි

මාස්ටර්ස් අයෝමය පුරුෂයා නිමල් වන්නිආරච්චි

ශ්‍රී ලංකා මාස්ටර්ස් අයෝමය පුරුෂයා තරගයේ සමස්ත ශූරයා බවට පත්වීමට කුලියාපිටිය ගෝල්ඩන් ජිම් කායවර්ධන මධ්‍යස්ථනයේ නිමල් වන්නිආරච්චි සමත්විය. ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේ පැවැති මේ තරගාවලිය ජයගත් නිමල් වන්නිආරච්චි කුලියාපිටිය ගෝල්ඩන් ජිම් කායවර්ධන මධ්‍යස්ථානයේ අධිපති ද වන්නේය.

මීට පෙර පස්වතාවක් සමස්ත ලංකා කායවර්ධන ශූරයා ලෙස තේරී පත්වූ වන්නිආරච්චි ස්පාඤ්ඤයේ පැවැත්වෙන වර්ල්ඩ් මාස්ටර්ස් 2020 කායවර්ධන ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙයි.

Share this: