මහින්ද, මෛත්‍රී හමුවක්

මහින්ද, මෛත්‍රී හමුවක්

මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් අනිද්දා (06) සිදුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කලේ මෙම හමුව කථානායක නිළ නිවසේදී සිදුවනු ඇති බවයි. මෙම හමුවේදී පක්ෂයට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇති බව ද එම ආරාංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද අදාළ සාකච්ඡාවට සහභාගී වනු ඇත.

පසුගිය මාර්තු 25වන දා ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ අතර, කාලීන හේතූන් මත සාකච්ඡාව කල් දමා ඇත.

Share this: