‘මම රට හැර ගියේ නැහැ’ – මහ බැංකු අධිපති

‘මම රට හැර ගියේ නැහැ’ – මහ බැංකු අධිපති

තමන් රට හැර ගිය බවට ඇතැමුන් සිදුකරන චෝදනා අසත්‍ය බව මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවධාරණය කරයි.

මුදල් ඇමතිවරයා සමඟ රජයේ වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡා කිරීමට තමන් ජපානය බලා ගිය බවත් එම රාජකාරිය අවසන් කර නැවත දිවයිනට පැමිණ රාජකාරී කටයුතු ආරම්භ කළ බව ද ඔහු සඳහන් කළේය. ජපානයේ විදේශ සංචාරය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් පවා තමාට අනුමැතිය ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ(03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මහාපරිමාණ බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් තමන්ට නැගෙන චෝදනා මහබැංකු අධිපතිවරයා නැවන වතාවක් එහිදී ප‍්‍රතික්ෂේප කළේය.

අදාල බැඳුම්කර මිලදීගත් සමාගමේ සියයට 50 ක කොටස් තමන් සතුව ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හෙතෙම කියා සිටියේය.

කෙසේවෙතත් එම සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස තම බෑණා කටයුතු කරන බව ඔහු පිළිගනු ලැබීය. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහෝදරියක් ද අදාල සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇතුළත් වන බව මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

Share this: