“මට දඩ ගහලා නැහැ. වන්දියක් ගෙවන්න විතරයි තියෙන්නේ” – මෛත්‍රීපාල සිරිසේන

“මට දඩ ගහලා නැහැ. වන්දියක් ගෙවන්න විතරයි තියෙන්නේ” – මෛත්‍රීපාල සිරිසේන

තමා කිසිඳු ආකාරයකින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවෙකු බවට පත් කර නොමැති බවත්, තමාට සිදුව ඇත්තේ අන් අයගේ වැරදිවලට වන්දි ගෙවීමට පමණක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ චෝදනා ඔප්පු කළ යුතු බවයි.

“පසුගිය කාලයේ මට එල්ල වූ චෝදනා විතරක් නෙවෙයි. මම දේශපාලනයේ ඉන්නකොට අවුරුදු 54ක් තිස්සේ මට චෝදනා කිහිපයක් එල්ල වුණා. ඒ නිසා මට ඒක කමක් නැහැ,”
“මට විරුද්ධව ඉන්න අය මට දඩ ගැහුවා කියලා හැම තැනම කතා කරනවා. මට දඩ ගහලා නැහැ. වන්දියක් ගෙවන්න විතරයි තියෙන්නේ.” මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

Share this: