බොඩි බෑග් ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කරුණු කියයි

බොඩි බෑග් ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කරුණු කියයි

මෘත ශරීරලන බහාලන බෑග් 1000ක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන්
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැහැදිලි කිරිමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ මෙන්ම මෘත ශරීරලන බහාලන බෑග් ද නිශ්චිත තොග ප්‍රමාණයක් පවත්වාගෙන යන බවයි.

මේ හේතුවෙන් එවැනි ඇණවුම් සිදුකරන බවත් හුදෙක්ම මෙය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කළ ඉල්ලීමක් නොවන බව කියා සිටියා.

එමෙන්ම මෙරට කොරෝනා වෛරසය නිසා මෙරට සිදුවන මරණ අනුපාතය ද ඉතා අඩු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටියේ.

download (26)

Share this: