බස් රථ අනතුරකින 65 ක් රෝහලේ – 5කට බරපතළයි

බස් රථ අනතුරකින 65 ක් රෝහලේ – 5කට බරපතළයි

අද (22) පෙරවරුවේ පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 65 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අවිස්සාවේල්ල-කොළඹ මාර්ගයේ කොස්ගම පොලිස්බල ප්‍රදේශ‍යේදී බස් රථ දෙකක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තවද මෙම අනතුරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන අතර, කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: