පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නෑ

පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නෑ

ශ්රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්ය නැති බවට ඇතැම් පුද්ගලයන් බොරු ප්රචාරයක් ගෙන යමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (05/07/2019) පැවසීය.
දේශපාලනය කරන කිසිවෙක් තමන්ට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්ය නැති බවට ප්රකාශ කරන්නේ නැතැයි ද ඔහු කීය.
එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.
“මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික හා සමාජ ප්රශ්න දෙස බැලූවිට රටේ අනාගතය පිළිබඳව සිතන්නත් බයයි. පහුගිය අවුරුදු හතරහමාරෙදී මේ රට විනාශ වුණා. ආණ්ඩුවකට එහෙම ක්රියාත්මක වෙන්න පුළුවන්ද කියල පුදුමත් හිතෙනවා. ඉස්සර තිබුණ ආණ්ඩුවලටත් මෙහෙම ප්රශ්න ඇතිවුණා. ඔවුන් ඒවා නිසි ලෙස කළමනාකරණය කරගත්තා. නමුත් මේ ආණ්ඩුව ප්රශ්නවලින් මග අරින්න තවත් ප්රශ්න ඇති කරගත්තා.
අද රටට විතරක් නෙවෙයි කිසිම ආගමකටත් නිසි ආරක්ෂාවක් නැහැ. තමන්ගේ දරුවා ලෙඩවුණාම තාත්තාට පාසලට යන්න බැහැ හමුදාවෙන් වෙඩි තියල මරනවා. තමන්ගේ දරුවා බලන්න තාත්තාට අයිතියක් නැත්තං ඒ අයිතිය තියෙන්නේ කාටද? අද අපි එකිනෙකා දිහා බලන්නේ සැකෙන්.
පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්ය නැති බවට මේ දවස්වල ප්රචාරයක් යනවා. මේක පිළිඅරගෙන වැඩ කරන පිරිසකුත් ඉන්නවා. දේශපාලන පක්ෂයකට ඡන්ද එපා කියන්නේ කවුද? මේව පට්ටපල් බොරු. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂයේ අර්බුද වහගන්න ඉතාම නින්දිත විදියට බොරු ප්රචාරය කරනවා.
රටක් දියුණු කරන්නනම් සැලැස්මක් තියෙන්න ඕනෑ. එදා අපිට රට දියුණු කරන්න ලොකු සැලැස්මක් තිබුණා. සැලසුම් නැතුව ආවට ගියාට රටක් සංවර්ධනය කරන්න බැහැ. 2005 දි මට බලය දුන්නේ යුද්ධය ඉවර කරන්න අවුරුදු පහකට මිනිස්සු මට බලය දුන්නා. මම අවුරුදු තුනක් යනවිට යුද්ධය ඉවර කළා. ඊට පස්සේ රට සංවර්ධනය කරන්න කටයුතු කළා. අවුරුදු 30 පස්සේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරන්න අපිට පුළුවන් වුණා. නමුත් විදේශීය බලපෑම් නිසා අපි ජනාධිපතිවරණය පැරදුණා.
මේ වගේ වටපිටාවකදී විද්වත් වෘතිකයන් මේ වගේ සංවිධානයක් බිහිකර ගැනීම ගැන අපි අවංකවම සතුටු වෙනවා. මේ සංවිධානය විසින් රටට හා ජාතියට වග කියන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ශක්තිමත් දායකත්වයක් ලබාදේවි. එබැවින් මේ යන ගමන අතරමගදි නතර කිරීමට කිසිම සූදානමක් නැහැ” විපක්ෂනායකවරයා කීය.
නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ අංක 189 ස්ථානයේ පවුර විද්වත් වෘත්තීකයන්ගේ ප්රධාන කාර්යාලය පිහිටා තිබේ.

Share this: