පියා අමානුෂික ලෙස ඝාතනය කල පුතුන් දෙදෙනා

පියා අමානුෂික ලෙස ඝාතනය කල පුතුන් දෙදෙනා

යාපනය, මිරුසිවිල් ප්‍රදේශයේදී 43 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ශිව්සෝති ශිවකුමාර් නැමැත්තා වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 17 සහ 19 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් මියගිය අයගේ පුතුන් දෙදෙනා බව හඳුනාගෙන ඇත.

අනෙක් සැකකරු ද 19 හැවිරිදි වියේ පසුවන අතර ඔහු තරුණයන් දෙදෙනාගේ මිතුරෙකු බවට හඳුනාගෙන ඇත.

කොඩිකාමම් පොලිසිය විසින් අප්‍රේල් 01 රාත්‍රියේ මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දේපලක තිබී මළ සිරුරක් පිළිබඳව ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

Share this: