ප්‍රවීණ රංගන ශිල්පී ඥානංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඥානංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ශ්‍රී ලාංකේය රංගන ශිල්පී ඥානංග ගුණවර්ධන මහතා මැයි 04 වැනිදා අභාවප්‍රාප්ත විය.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ගුණවර්ධන මහතාගේ දේහය මැයි 05 පෙරවරු 8.30 සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (මැයි 06) පස්වරු 3.00ට සිදුකිරීමට නියමිතයි.

1980 දී පරාක්‍රම ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘හැවනැලි අද මිනිසුන්’ චිත්‍රපටයේ රංගනයෙන් පසු සිය රංගන දිවියට පිවිසි ගුණවර්ධන ‘සප්ත කන්‍යා’ (1993), ‘සීලම’ (1995), ‘තරණය’ (1997) සහ ‘මහරජ අජාසත්’ (2015) ඇතුළු චිත්‍රපට ගණනාවකට දායක විය.

Share this: