පරිහරණයට නුසුදුසු තේ තොගයක් අසුවේ

පරිහරණයට නුසුදුසු තේ තොගයක් අසුවේ

මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ තොගයක්, කඩුගන්නාව – බැලුම්ගල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

එහිදී පොලීසිය සඳහන් කළේය, එම තේ තොගය අඩංගු කන්ටේනර් සහිත ලොරි රථ 03 සමඟ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත හැකි වූ අතර, අදාළ කන්ටේනර් තුළ කසළ තේ කිලෝ ග්‍රෑම් 20,000 ක් පමණ තිබී ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ට මේ මස 06 වන දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

Share this: