පරිසර අපරාධ විමර්ශන ඒකකයක් හැදිය යුතුයි – ලාල් කාන්ත මහතා

පරිසර අපරාධ විමර්ශන ඒකකයක් හැදිය යුතුයි – ලාල් කාන්ත මහතා

ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී ලාල් කාන්ත මහතා පවසන්නේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙන් පරිසර අපරාධ විමර්ශන ඒකකයක් ද හැදිය යුතු බවයි.

අද පස්වරුවේ කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ පරිසරය විනාශ කිරීම ත්‍රස්තවාදී ප්‍රශ්නයට එහා ගිය ගැටලුවක් වී ඇති බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, සංවර්ධන ව්‍යාපෘති නිසා පරිසරය විනාශ නොකළ යුතු බවත්, ජාතික ප්‍රතිපත්තියක් පරිසරය රැක ගැනීම සඳහා ද තිබිය යුතු බවත් ය.

විල්පත්තුවේ ඉඩම් ලබාදීම නීත්‍යානූකූලව සිදුවෙනවා යැයි ඇතැමුන් කියුවත් ඒ කිසි දෙයක් සත්‍ය නොවන බවද පැවසූ ඒ මහතා පරිසර පද්ධතියක් ලෙස ගත් කළ විල්පත්තුව යනු එකක් බැවින් එහි කොටසක වුවද හෙළි පෙහෙළි කිරීම් සිදුනොකළ යුතු බව ප්‍රකාශ කළේය.

තවදුරටත්, ලාල් කාන්ත මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර දැන්ම කියන්න බැරි නමුත් එය දිගටම සිදුවූවහොත් මහ පාරේ ක්‍රියාවලියකට යාමට තමයි සිදුවෙන්නේ යනුවෙනි.

Share this: