නිදහස වෙනුවෙන් සිරකරුවන් 588 නිදහස් කරයි!

නිදහස වෙනුවෙන් සිරකරුවන් 588 නිදහස් කරයි!

75 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව දීමට නියමිතයි.

ඒ අනුව දිවයින පුරා අත්අඩංගුවේ පසුවන සිරකරුවන් 588 දෙනෙකු අද (04) නිදහස් කිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලබා පුනරුත්ථාපනය වෙමින් සිටින සිරකරුවන් පිරිසක් ද මෙම පිරිසට අයත් බව පැවසේ.

මීට අමතරව බන්ධනාගාරයේ සිටින රැඳවියන් 31 දෙනෙකු ද ජනාධිපති පොදු සමාවක් ලබා අද දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share this: