දුම්රියක ගැටී වෑන්රථයේ සිටි 04ක් මරුට

දුම්රියක ගැටී වෑන්රථයේ සිටි 04ක් මරුට

වෑන්රථයක් දුම්රියක ගැටීමෙන් කිලිනොච්චි ප්‍රදේශයේදී, සිව්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි.

අදාළ වැන් රථය ගැටී ඇතේ, යාපනයේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බවඔඉ පොලිසිය පවසයි.

මෙම අනතුරින් එකම පවුලේ මව, පියා සහ දරුවෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. තුවාල ලබා සිටින දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට පත්වූ රථය සමෘද්ධි අමාත්‍යංශයට අයත් එකක් අතර, අනාරක්‍ෂිත දුමිරිය හරස් මාර්ගයකින් රථවාහනය ධාවනය කිරීමේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Share this: