තාක්ෂණික දියුණුවත් සමඟ උදාවන අන්තර්ජාල අඳුරු යුගය

තාක්ෂණික දියුණුවත් සමඟ උදාවන අන්තර්ජාල අඳුරු යුගය

පරිගණක මෘදුකාංග සහ දෘඩකාංග යල් පැන යාම නිසා දැනට අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට අති විශාල ප්‍රමාණයක් සදහටම අහිමි වී යා හැකි බව අන්තර්ජාල නිර්මාතෘවරයෙක් අනතුරු අඟවයි. පවසනවා.

ඉහළ ඇමරිකානු විද්‍යාඥයින්ගේ වාර්ෂික හමුවේකදී ඔහු මෙම අදහස් දැක්විය.

‘ඩිජිටල් අඳුරු යුගය’ ලෙසින් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදයකට ලෝකය ඇතුල් වෙමින් සිටින හෙයින් ඉදිරි පරම්පරාවට විසි එක් වන සියවසට අයත් වාර්තා කොහෙත්ම දකින්නට නොලැබෙන තත්වයක් උදා විය හැකි බවයි, ගූගල් අන්තර්ජාල සමාගමේ උප සභාපති වින්ට් ස’ර්ෆ් පවසන්නේ.

‘සැබවින්ම මම මේ පිළිබඳව විශාල කනස්සල්ලකින් ඉන්නේ.මේ තත්වය අපි දැනටමත් අත් විඳිනවා. නවීනතම මෘදුකාංග ඔස්සේ පැරැණි වාර්තා විවෘත කර ගන්න බැහැ. ඒවා නවීකරණය කර ගත හැකි බවට සීයට සීයක වගකීමක් නැහැ. කාලයක් තිස්සේ සංස්කරණය කර ඇති දේවල් අතුරුදහන් වෙන්න පුළුවන්’ වින්ට් ස’ර්ෆ් පවසයි.

සියලු මෘදුකාංග සහ දෘඩකාංග ඩිජිටල් ක්‍රමයකට සංරක්‍ෂණය කිරීම තුලින් පසු කාලීනව ඒවා පරිහරණය කිරීමේ හැකියාව ලබා ගත හැකි බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.

 

Share this: