මැර කණ්ඩායම් යොදා සාමකාමී අරගලකරුවන්ට පහරදීමෙන් පසු රට පුරා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් මේ වන විට පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටියි.
එසේම බොහෝ නිවාස, රථ වාහන, කඩසාප්පු, කඩා විනාශ කොට ගිනි තබා ඇත.
මෙයට වගකිව යුත්තේ කවුද?
ගල් කැටයක්වත් අතට නොගත් නූතන අවිහිංසාවාදී යාවත්කාලීන අරගලයක නිරත වූ අහිංසක නිර්මාණශීලී තාරුණ්‍යයට එලව එලවා පහර දී, අරගල භූමිය විනාශ කොට ගිනි තැබූ මැරයන් සියල්ලට අවශ්‍යව තිබුනේ නිදාසිටින සිංහයාගේ ඇ### ගසා අවුස්සා ගැනීමටය.
ගින්න අවුස්සා පිදුරු දමමින් ඒ අතරම තම පුද්ගලික කෝන්තර පිරි මසා ගන්නටය. මංකොල්ල කන්නටය. මේ විනාශයන් කරන්නට ගොල්ෆේස් එකේ ඉන්න නිර්මාණශීලී තාරුණ්‍යය එක් වූයේ නැත. මන්ද යත් ඔවුන් අතින් පයින් කරන අරගලයකට එහා ගිය අදහස්, ආකල්ප වෙනස් කරන නිර්මාණශීලී අරගලයක නිරත වන නිසාවෙනි.
මෙම විනාශකාරී ක්‍රියාවන් බොහොමයක් අරගලයේ නම විකුණා රට අස්ථාවර කොට ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට වෙර දරන අවස්ථාවාදියෝ කිහිප දෙනෙක් සංවිධානාත්මකව කල කූඨ මගඩියකි.
එසේ නැත්නම් මේ දිනවල සමාජමාධ්‍ය වල වීඩියෝවක් සංසරණය වන ජර්මන් පවුලට ඒදේ සිදු වන්නේ නැත. කුඩා දරුවන්ගේ පාසැල් පොත්පත්, බෑග් වල සිට කාන්තාවගේ යට ඇදුම දක්වා බඩු මුට්ටු නැති වන්නේද නැත.
එසේම කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සඳහා ශ්‍රී ලංකා කවුන්සිලයේ ලේකම් හා අධ්‍යක්ෂක ප්‍රභාත් විමල් කුමාර මහතාගේ කුරුණෑගල පිහිටි නිවාසයටද පහරදී අලාභ සිදු කර ඇත. ඔහු රජයේ සේවකයෙකි. ගෞරවණීය පුරවැසියෙකි. තම ප්‍රථම හා ශාස්ත්‍රපති උපාධීන් කැළණිය සරසවියෙන් ලබා ගන්නා ඔහු දෙවන ශාස්ත්‍රපති උපාධීය වයඹ සරසවියෙන් ලබා ගනී. එසේම කොළඹ සරසවියේ නීතිය පිලිබද උසස් ඩිප්ලෝමාවක් සතු ඔහු මේ වන විට තම ආචාර උපාධිය සදහා සූදානම් වේ.
ඔහුට හා ඉහත සදහන් ජර්මානු ජාතික පවුලේ සාමාජිකයන්ට ඔවුන් කැමති දේශපාලන මතයක් දැරීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇත.
නමුත් මෙසේ දේපල විනාශ කොට ඔවුන්ගේ ජනජීවිතය අස්ථාවර කිරීම නින්දිත අමන ක්‍රියාවකි. ගෙවල් දොරවල් කඩා විනාශ කොට නාන කාමරයේ උපාංග පවා පොලු මුගුරු වලින් ගසා විනාස කර ඇති අකාරය ඔබට පහලින් ඇති විඩියෝවෙන් දැකගත හැක.
අවසාන වශයෙන් කීමට ඇත්තේ….
ප්‍රභාත් විමල් කුමාර මහතා, ජර්මන් ජාතික පවුලේ සාමාජිකයන් හා නිරපරාදේ දේපල විනාශ වූවන් පැරදී නැත. ඔවුන්ට ඒවා යලිත් ගොඩ නගා ගත හැකිය.
පැරදී ඇත්තේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන තම පහත් අදහස්, කොන්තර පිරිමසාගත් ගෝත්‍රික අමනයින් පිරිසය. මන්ද ඔවුන් මරණ මංචකයේ අවසාන හුස්ම හෙලන මොහොතේ සිට මේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල පොලියත් සමගින් භුක්තිවිඳින නිසාවෙනි.
විමල් කුමාර මහතාගේ කුරුණෑගල පිහිටි නිවාසයටද පහරදී අලාභ සිදු කර ඇති අයුරු. – VIDEO