ජල සම්පාදන මණ්ඩල වැඩ වර්ජනය නිසා ජල සැපයුමට බාධා

ජල සම්පාදන මණ්ඩල වැඩ වර්ජනය නිසා ජල සැපයුමට බාධා

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) සේවකයෝ අප්‍රේල් 04 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙති.

වෛද්‍ය නිවාඩු නොගෙන රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ (WSTUA) කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිල කටයුතු හෝ පාරිභෝගික සේවා කිසිවක් සිදු නොවන බවයි.

මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව අවධාරණය කළ රත්නායක මහතා එහි වගකීම අදාළ බලධාරීන් විසින් භාරගත යුතු බව ද සඳහන් කළේය.

Share this: