චීනය මෛත්‍රීව හරසරින් පිළිගනී

චීනය මෛත්‍රීව හරසරින් පිළිගනී

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස පිලිගනු ලැබුවේ චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් විසිනි.

ඒ අනුව ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙරටේ නායකයින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි.

එමෙන්ම දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත අතර, චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

තවද, ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුර චීන අගමැති ලී ක්වැන්ග් හා චීන මහජන ජාතික කොංග්‍රසයේ විධායක කමිටු සභාපති බෙජියැන් යන මහත්වරුන් හමු වී සාකච්ඡා කිරීමටද නියමිතය.

Share this: