එක්සත් ජනපද ගුවන් සීමාවේ දින ගණනාවක් පාවෙමින් තිබූ චීනයට අයත් බවට සැක කෙරෙන ඔත්තු බැලූ බැලූනයක් පිළිබඳව එක්සත් ජනපද බලධාරීන් දැඩි අවධානයෙන් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම බැලූනය සොයාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්රදේශයෙන්ය.
නිල නොවන වාර්තා වලට අනුව, එක්සත් ජනපද පාර්ශවය තම ගුවන් සීමාවට ඇතුළු වූ වහාම බැලූනය දුටු අතර එහි ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා ගුවන් යානා භාවිතා කර ඇත.
Share this: