චමල් රාජපක්ෂ ඝාතනය කරන බවට SMS එවූ පුද්ගලයා අත්අඩංගුවට

චමල් රාජපක්ෂ ඝාතනය කරන බවට SMS එවූ පුද්ගලයා අත්අඩංගුවට

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඝාතනය කරන බවට අමාත්‍යවරයාගේ දුරකථනයට කෙටි පණිවිඩයක් එවන ලද පුද්ගලයෙකු අද දින රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයාගේ ජංගම දුරකථනයට එවා ඇති කෙටි පණිවිඩයේ සටහන්ව ඇත්තේ අමාත්‍යවරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන බවයි.

මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කර ඇති අතර එහිදී මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පුද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.

Share this: