ගුවන් හමුදා සාමාජිකයෙකුටත් කොරෝනා

ගුවන් හමුදා සාමාජිකයෙකුටත් කොරෝනා

කොරෝනා හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුර වසා දමා ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කරනවා .

ඔහු පැවසුවේ එම කඳවුරට අනියුක්තව සිටි එක් ගුවන් හමුදා සාමාජිකයෙකුට කොරෝනා වැළඳී ඇති බවට අද දිනයේ තහවුරු බවයි .

එම ගුවන් හමුදා සාමාජිකයා ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා .

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට එම ගුවන් හමුදා සාමාජිකයා IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි

Share this: