ගුවන්තොටුපළ සංචාරකයින්ට විවෘත කිරීම තවත් කල් යයි

ගුවන්තොටුපළ සංචාරකයින්ට විවෘත කිරීම තවත් කල් යයි

මීට පෙර සැලසුම් කළ පරිදි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අගෝස්තු 1 වන දින නැවත විවෘත නොකරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරනවා.

“ගුවන්තොටුපල නැවත විවෘත කිරීම සඳහා අපට නිශ්චිත දිනයක් ලබා දෙන්න බැහැ. රජයේ ප්‍රමුඛතාවය වන්නේ කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල තවමත් අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමයි” ලෙස සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 17 වන දින ගුවන්තොටුපළ වසා දැමීමට තීරණය කළේ කොරෝනා වෛරසය දිවයිනේ පැතිරීම වලක්වා ගැනීම සඳහායි.

Share this: