ගුණාත්මක හා පෝෂණදායී ආහාර සමගින් ක්ලෙමන්ට් හලාවතට.

ගුණාත්මක හා පෝෂණදායී ආහාර සමගින් ක්ලෙමන්ට් හලාවතට.

හලාවත අවට ජීවත්වන හා එම නගරය පසු කර පුත්තලම, විල්පත්තුව, අනුරාධපුරය ඇතුළු බොහෝ ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට ගුණාත්මක හා පෝෂණදායී ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ස්ථාපිත කළ ‘‘ක්ලෙමන්ට් හලාවත ආපන ශාලාව‘‘ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් (11) වැනිදා විවෘත කෙරිණි.

ක්ලෙමන්ට් ආපන ශාලා ජාලයේ නවතම සාමාජිකයා වන මෙය ලංකා රෙස්ටොරන්ට් ඇන්ඩ් කේටරස් පුද්ගලික සමාගමට අයත් වේ.

එහි කළමණාකාර අධ්‍යක්ෂ උපේක්ෂ ප්‍රනාන්දු මහතා, සමාගමේ ඉදිරි පියවරක් ලෙස ත්‍රිකුණාමලයේ සුපිරි සුඛෝපභෝගී විලා කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. ලංකා රෙස්ටොරන්ට් ඇන්ඩ් කේටරස් පුද්ගලික සමාගම තම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 600කට වැඩි මුදලක් ආයෝජනය කර ඇති බවද ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ජංගම ආහාර ට්‍රක් රථ සංකල්පය මෙරටට හඳුන්වා දුන් අතර එය වේගයෙන් මෙරට ජනප්‍රිය වූ බව උපේක්ෂ ප්‍රනාන්දු මහතා අවධාරණය කල අතර තම පළතුරු සහ එළවළු අවශ්‍යතාවයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් ආපන ශාලා පරිශ්‍රය තුලදීම කාබනික පොහොර පමණක් භාවිතා කරමින් සපයා ගන්නා බවද පැවසීය.

ක්ලෙමන්ට් හලාවත ආපන ශාලාවේ කාර්ය මණ්ඩලයෙන් 99%ක්ම එම ප්‍රදේශයේම තරුණ තරුණියන් වීම විශේෂත්වයකි. මෙය ආපන ශාලා ජාලයේ සමාජ සත්කාරයක් ලෙස සැලකේ.

දෙවැනි අදියර ලෙස ආපන ශාලා පරිශ්‍රයේම විලා 7ක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර විවිධාංග රැසක් සමඟ සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 300ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර එය 2022 වසර අවසානයේ විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

Share this: