කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි සඳහන්.

කොළඹ – 02, 03,07,08,09,10 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇතී.

ඊට අමතරව කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.

Share this: