එස්.බී. / ඩිලාන් / ලක්‍ෂ්මන් යාපා / ෆවුසි සහ සොයිසා ශ‍්‍රීලනිපයෙන් දොට්ට

එස්.බී. / ඩිලාන් / ලක්‍ෂ්මන් යාපා / ෆවුසි සහ සොයිසා ශ‍්‍රීලනිපයෙන් දොට්ට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව වෙනත් පක්‍ෂවලට සහාය දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් 05 දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කළ බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ අනුව එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි හා විජිත් විජයමුණි සොයිසා යන මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන බව ජයසේකර මහතා කීය.

මෙම මන්ත‍්‍රීවරුන්ට චෝදනාවලට දින 07 ක් ඇතුළත කරුණු දක්වන ලෙස ඉකුත් 04 වැනිදා පක්‍ෂය විසින් ලිඛිතව දැනුම් දුන් බවද හෙතෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කියා සිටියේය.

පක්‍ෂයට අගතියක් කරන සියලූ මන්ත‍්‍රීවරු පක්‍ෂයෙන් ඉවත් කරන බවද එහි පළමු පියවර ලෙස පක්‍ෂය මෙම කි‍්‍රයාමාර්ගය ගත් බවද ඒ මහතා කීය.

Share this: