ඉන්ධන කෝටාව ලබන මාසයේ වැඩි කරන්න පොරොන්දුවක්

ඉන්ධන කෝටාව ලබන මාසයේ වැඩි කරන්න පොරොන්දුවක්

ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතිය සඳහා දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ජූනි මාසයේදී සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේ සිට සියලුම වාහන සඳහා දැනට පවතින කෝටාව වැඩි කරන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනාවරණය කළේය.

මැයි 25 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) අලෙවි, මූල්‍ය සහ වාණිජ අංශ සමඟ පැවති රැස්වීමකදී අදාළ තීරණය ගෙන ඇති අතර, එහිදී CPC භාණ්ඩ හා බෙදාහැරීමේ සැලසුම් සහ මූල්‍ය කටයුතු ද සමාලෝචනය කරන ලදී.

Share this: