ඉන්දීය ගුවන් හමුදාපතිවරයාගේ ලංකා සංචාරය

ඉන්දීය ගුවන් හමුදාපතිවරයාගේ ලංකා සංචාරය

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී ආර් චෞද්‍රි මහතා සිව් දින නිල සංචාරයක් සඳහා මැයි 01 වැනිදා දිවයිනට පැමිණි බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයෙන් එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞදරි, PVSM, AVSM, VM, ADC සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට මැයි 1 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා විසින් එයාර් චීෆ් මාර්ෂල් වී.ආර්.චෞධාරි මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞදරි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිත අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ සේවා ආඥාපතිවරුන් හමුවීමට නියමිතය.

Share this: