ඇල්පිටියේ බස් වර්ජනයක්

ඇල්පිටියේ බස් වර්ජනයක්

ඇල්පිටියෙන් ගමන් ආරම්භ කරන සියළු පෞද්ගලික බස් රථ සේවකයින් අද(23/07/2019) උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඇල්පිටිය – ගාල්ල, ඇල්පිටිය – අම්බලන්ගොඩ, ඇල්පිටිය – පැලවත්ත සහ ඇල්පිටිය – මාපගලම යන මාර්ගවල බස් රථ සේවකයින් වර්ජනයට එක්ව සිටින බව වාර්තා වේ.

ඇල්පිටිය ප්‍රදේශයේ කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ හේතුවෙන් තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන්, හිමිකරුවන් හා කොන්දොස්තරවරු මෙම වර්ජනයට එක්ව තිබේ.

ඊට විරුද්ධව මෙම වර්ජනය සිදුකරන බව ඊට එක්ව සිටින පිරිස් සදහන් කරයි.

Share this: