අනුරාධපුරයට පොලීසියේ 5000 ක්

අනුරාධපුරයට පොලීසියේ 5000 ක්

පොසොන් උත්සව කමිටුව පවසන්නේ, පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය සහ අවට ප්‍රදේශවල සියළු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

ජාතික පොසොන් සතිය පසුගිය 30 වනදා ආරම්භ වූ අතර එය ලබන 05 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඊයේ පස්වරුවේ සිට මැතිමතුන් බොහෝ පිරිසක් අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලය යන ආගමික සිද්ධස්ථාන වෙත පැමිණෙමින් සිටි.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම රථවාහන සැලැසුමක්ද අනුරාධපුරය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන අතර, පොලිස් නිලධාරීන් 5000ක් පමණ ආරක්ෂක රාජකාරීවල යොදාවා ඇත.

තවද, නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින්ද රාජකාරී සදහා යොදවා ඇති බව සඳහන්ය.

Share this: