ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදුම් ලබයි

ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදුම් ලබයි

සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය අද කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලය ද වන මෙය කිසි දිනෙක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාර්ෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගන්නා තනතුරක් වෙයි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

සරත් ෆොන්සේකා මහතා 1970 වසරේ පෙබරවාරි මස 5 වන දා යුද හමුදාවට එක් වූ සිංහ රෙජිමේන්තුවේ පළමු වන බල ඇණියේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළේය.

ලුතිනන්, කපිතාන්, මේජර් නිලයන් පසු කරමින් ඔහු 23 වන බල සේනාවේ ආඥාපතිවරයා ලෙස පත්වූයේ කර්නල් නිලයට උසස් වීම් ලබමින්ය.

එවක පැවති ත්‍රස්තවාදයට එරෙහි සටනට නොබියව මුහුණ දුන් මේ සෙන්පතියා, බලවේගය මෙහෙයුමට සක්‍රීයව දායක උයෙත් එම කාලයේදීමය.

තවද, 1993 වසරේ දෙසැම්බර් පළමු වෙනිදා, බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ඔහු 1998 වසරේ පෙබරවාරී 23 වන දින මේජර් ජනරාල් නිලයට උසස් විය.

2005 වසරේ දෙසැම්බර් 06 වෙනිදා, සරත් ෆොන්සේකා මහතාට යුධ හමුදාපති තනතුරේ වගකීම් පැවරුණේය.

නව පත්වීමත් සමග යුධ හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ හා නවීකරණ සිදුකරමින් ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග රැසක් කළහ.

2006 අප්‍රේල් 25 වෙන දා ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක ඉලක්කයක් බවට පත් විය. ඒ යුද හමුදාපති ධුරයට පත්ව සති කිහිපයකිනි.
මාවිල්ආරු සටනේ සිට නන්දිකඩාල් දක්වා එල්.ටී.ටී.ඊ.ය කොටු කළ සටනේදී යුද හමුදාවට නායකත්වය දුන් මෙම සෙන්පතියා යුදයේ, අවසානය දක්වා ගෙනෙන ලදී.

යුද ජයග්‍රහණයෙන් පසුව, මෙම සෙන්පතියා, ජෙනරල් නිලයට උසස් කරන ලදී.

ඉන් අනතුරුව ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කෙරුණි.

බලවේගය, නොනවතින රැල්ල වඩමාරච්චි, රිවිරැස ඇතුළු ක්‍රියාන්විත සමග තිස්වසරක් පැවති යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මේ සෙන්පතියා රණ බිමේ පෑ සමත්කම් උදෙසා පදක්කම් රැසකින් පුද ලද අයෙකි.

රණශූර, රණ වික්‍රම, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම ‍සේවා, දේශ පුත්‍ර යන පදක්ම් වලින් ෆොන්සේකා මහතා පිදුම් ලැබුහ.

ජෙනරල් සරත් ෆොන්සේකා සිය උපරීම සේවය ඉටුකර තිස් වසරකට අධික සේවා කාලයක් අවසන් කරමින් 2009 වසරේ යුද හමුදා සේවයෙන් සමුගෙන දේශපාලන ප්‍රවාහයකට පිවි‍සුණේය.

ඉන් අනතුරුව, ඔව්හු, විවිද, වදහිංසා වලට ලක්විය, සිර බත් කමට පවා සිදුවිය.

නමුත්, දැන් ඔව්හු ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදුම් ලද රටේ ඉහලම හමුදා නිලය හිමි පුත්ගලය විය.

Share this: