ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කිරීමේ අතුරු නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය විසින් ඊයේ (09) ප්‍රතික්ෂේප කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සි.ජේ.මඩවල මහත්මිය සඳහන් කළේ අදාළ නියෝගය නිකුත් කළ හැක්කේ පූර්ණ නඩු විභාගයකින් අනතුරුව පමණක් බවයි.
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ යුධ අධිකරණය මගින් තමා වැරදිකරුවෙකු කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වු බවයි.
ඒ වෙනුවට ජයන්ත කැටගොඩ මහතා පත්කෙරුණු අතර ජනාධිපතිවරයා විසින් දඬුවම් ඉවත් කර තමා සියලු චෝදනා වලින් නිදහස් කළ බැවින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි තමන්ට හිමිවිය යුතු බව සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සම මගින් සඳහන් කර තිබේ.
එහිදී ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අහෝසි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පමණක් බැවින් ෆොන්සේකා මහතාගේ ඉල්ලීම පදනම් විරහිත බවයි.
ඒ අනුව පෙත්සම පිළිබඳ නඩු විභාගය මැයි මස 12 වැනිදා සිදුකිරීමට නියමිතය.