ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝධතාවය!!!

ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝධතාවය!!!

මීට නොබෝ දිනකට පෙර ෆුල් ෆේස් හෙල්මට් තහනමක් ගෙන ඒමට යන බව ප්‍රකාශයට පත්වීමත් සමග  සමාජය තුළින් සහ ෆේස්බුක් සමාජ  ජාල වෙබ් අඩවිය මගින් ඊට විරුද්ධව විශාල විරෝධතාවයක් ගොඩනැගුනු අතර එසේ ගොඩනැගුනු සමාජ විරෝධතාවය හමුවේ එම නීතිය යටපත් විය.

නැවතත් අප්‍රේල් මස 2 වන දින සිට ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කිරීමේ නීතිය ගෙන එන බව ප්‍රකාශයට පත්කිරීමත් සමග ෆේස්බුක් සමාජ  ජාල වෙබ් අඩවිය ඔස්සේ සංවිධානය වුනු යතුරුපැදිකරුවන්  පිරිසක් පසුගිය මාර්තු මස 29 වන දින පෙ.ව 9.00ට ගාලුමුවදොරපිටියට වෙත එක් රැස් විය. ඔවුන් එහිදී ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමේ නීතිය සම්බන්දයෙන් ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරසිටි අතර රැස්වසිටි සැමගේ අත්සනින් යුතු ළියවිල්ලක් ද රැගෙන ෆුල් ෆේස් හෙල්මට් පැළඳි යතුරුපැදි පෙළපාලියකින් ගොස්  අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතද  මහජන සාමය හා  ආපදා කලමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙතද භාරදෙන ලදි.

සම්පුර්ණ වීඩියෝව සදහා: 

ශේන් පෙරේරා / ප්‍රමෝද් ප්‍රියශාන්

Share this: