ෆුල් ෆේස් විරෝධය මහනුවරදී – නඩු විභාගය හෙට

ෆුල් ෆේස් විරෝධය මහනුවරදී – නඩු විභාගය හෙට

අද (26)දින මහනුවරදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව විරෝධතාවක් පැවැත්වේ.

තවද, ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව සංවිධායකයින් පැවසුවේ පොලිසිය විසින් ගනු ලැබු එම තීරණය කිසිදු ආකාරයකින් සාධාරණ නොවන හෙයින් දිගින් දිගටම රට පුරා මේ සම්බන්ධයෙන් විරෝධතා පවත්වන බවයි.

එම පිරිස් පවසන්නේ යතුරු පැදි අනතුරට ලක්වුවන් බොහෝ පිරිස් මරණින් බේරිමට ෆුල් ෆේස් හෙල්මට් භාවිතය නිසා සිදු වු බවත්, එවැනි ආරක්ෂිත මුහුණු ආවරණයන් ඉවත් කිරීම යතුරුපැදි භාවිත කරන්නන්ගේ ජිවිතවලට විශාල හානියක් බවත්ය.

අද දිනයේදී පැවැත්වෙන විරෝධතාවයට චිත්‍රපට නිලියක වන ගයේෂා පෙරේරාද සහාභාගී වි ඇත.

ෆුල්ෆේස් හෙල්මට් තහනමට තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගය හෙට (27) දින යළි විභාගයට ගැනීමට නියමිතව ඇත.

Share this: