මහින්ද ගැන හසිතගේ මුවින් (යුධ හමුදාවේ හිටපු මේජර්)

මහින්ද ගැන හසිතගේ මුවින් (යුධ හමුදාවේ හිටපු මේජර්)

මේ රටට වින කරන කාටත් දිට්ඨ දම්ම වේදනීය කර්මය පටිසන් දෙනවා

‘‘රණවිරු අධිකාරිය හැදුවාට වැඩක් නැහැ. බලන්න මේජර් හසිත සිරිවර්ධන පසුගිය යුද්ධය වෙනුවෙන් පුදුම කැපවීමක් කළ පුද්ගලයෙක්. දැන් මේ හසිත සිරිවර්ධනව අත් අඩංගුවට අරගෙන කිසිම චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැතුව අධිකරණ, යුධ අධිකරණ මොකවත් නැතිව අවුරුදු 2 ක් තිස්සේ නාරහේන්පිට හමුදා කඳවුරේ සිරගත කරගෙන ඉන්නවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තමන්ගේ දරුවෙකුට බලන්නට විදියක් නැහැ. තමන්ගේ බිරිඳට ගිහින් හම්බවෙන්න විදියක් නැහැ. මාසයකට සැරයක් පවුලේ උදවියට ගිහින් සිරකරුවෙකු හම්බවෙලා කතාකරලා එන්න පුළුවන් කම තියෙනවා. එල්ලූම් ගහට නියම වෙච්ච මිනිහටත් ඒ අවස්ථාව තියෙනවා. හැබැයි මේ යුද්ධය වෙනුවෙන් කැපවුණු හසිත සිරිවර්ධනලා වගේ මේජර්වරුන්ව අද නිකම්ම හිර කූඩුවේ දාගෙන ඉන්නවා. කිසිම පරික්ෂණයක් නැතිව. සනාථ කිරිම සදහා කිසිම චෝදනාවක් නැතිව. අඩුම තරමේ වෙනත් අධිකරණයක තියා කැළැ අධිකරණය වැනි යුධ අධිකරණයටවත් යොමු කරන්නේ නැතිව. මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.’’
උපුටා ගැනීම 2012.09.18 පාර්ලිමේන්තුවේ හැන්සාඞ් හි ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප‍්‍රකාශය

එදා 2011.04.23 දින යුධ හමුදාවේ විශේෂ විමර්ශණ ඒකකය යොදවා අත්අඩංගුවට ගත් එවකට මේජර් හසිත සිරිවර්ධන යනු කවරේක්ද ? කුමක් සදහා මෙලෙස රහසිගතව සිරගත තිබුනේද යන්න අදටද ප‍්‍රශ්නාර්ථයකි. මෙලෙස රහසිගතව සිරගත කර තැබිම පිළිබඳව සොයාබැලිම තුළින් සිරගත කර තිබුණද සිරගත නොවු මෙම අසාමාන්‍ය චරිතය එදා පාලකයින්ට එරෙහිව සිදු කළ නිර්භිත හෙළිදරව්ව මතුවට හෝ ඒකාධිපති වියරුවෙන් ක‍්‍රියා කරන්නන්ට අමතක නොවන පාඩමකි.

අද වන විට එවකට සිටි පාලකයින්ට නීතියේ පිහිට පතා යෑමට තැනක් ඇත. නමුත් මාස 19 කට ආසන්න කාලයක් රහසිගතව සිරකර සිටි යුධ හමුදා මේජර් හසිත සිරිවර්ධනට එදා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පවා පිහිටක් නොලැබුණි. ඊට හේතුව ගොනු කළ පැමිණිල්ල පවා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තුළදි අස්ථානගත වීමය.
නීතිය ඉදිරියේ තම නිර්දෝෂි බව පෙන්වීමට තිබු අවස්ථාව වෙනුවට තමා අත්අඩංගුවට ගැනිම වලකාලන ලෙස අධිකරණ නියෝගයක් ලබා ගැනිමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අසරණ වි ඇති මොහොතක එදා යුධ හමුදා මේජර්වරයා ඕනෑම අධ්කරණයකට මුහුණ දීමට සුදානම් වුවත් රහසිගතව සිරකර තබාගත්තේ රටේ පැවැති කුමන නීතියක් උපයෝගි කරගෙන ද යන්න දැන් රටේ ජනතාව වෙත ඔහුට ම ප‍්‍රකාශ කිරිමට කාලය එළඹ ඇත.

අපි ඇත්තටම සිදු වූයේ කුමක්දැයි ඔහුගෙන්ම විමසා සිටිමු. අද අප සමග සංවාදයේ යෙදෙන්නේ මේජර් හසිත සිරිවර්ධනයි.

ප්‍ර. මාස 19ක් ඔබව සිරගත කරගෙන සීටීමට හේතුව කුමක්ද

උ. මූලිකම හේතුව රාජපක්ෂලාගේ පලි ගැනීමයි. පලි ගැනීමට හේතු වූ කාරණාව බරපතලයි. මම හමුදා සේවයේ ඉන්න අතරතුර දී තමයි වර්තමාන ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, විපක්ෂ නායක නිමල් සිරිපාල මැතිතුමා ඇතුලු ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් හා හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් ඝාතන සැලසුමක් ක්‍රියාත්මක වුනේ. මම ඒ දේවල් හෙලිදරව් කර ගැනීමත් සමගම රාජපක්ෂලා මා සමග වෛරයෙන් බැදෙන්න පටන් ගත්තා.

ප්‍ර. ඒ කථාව විස්තර කලොත්.

උ. නේවි එකේ ඉදලා ඇබ්සන්ට් උන ක්‍රිස් සුබසිංහ කියන පුද්ගලයා ලංකාවට ගෙනාවේ ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා. ක්‍රිස් සුබසිහ කියන්නේ අවුරැදු 13ක් ජපානයේ පාතාල කල්ලියකට වැඩ කරපු පුද්ගලයෙක්. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා හිරේ ඉන්නකොට ක්‍රිස් සුභසිංහව ඇතුලට යැව්වා ෆොන්සේකාව මරන්න. ඒත් ඒක ඔහුට කරගන්න බැරි වුනා. අන්තිමේ එලියට ආවේ මිනිහාට පිස්සු හැදිලා. මම ඒ සියලු විස්තර ගත්තේ ක්‍රිස් සුභසිංහගෙන්මයි. මගේ හමුදාමය අත්දැකිම් වලින් මම මිනිහගෙන් සම්පුර්ණ විස්තර ගත්තා. ක්‍රිස් හැංගිලා හිටියේ මහරගම තැනක මම එතනට ගිහිල්ලා සියලු දේවල් චෙක් කලා. ඊට පස්සෙ මම මේ ගැන එවකට හිටපු හමුදාපතිට දැනුම් දුන්නා නමුත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. මම හමුදපතිට දැනුම් දුන්නා මම මේක අතඅරින්නෙ නැහැ කියලා ඊට පස්සේ මම පොත් මුද්‍රණය කළා මේ ගැන කියලා. මම දන්න සියලු දේ හෙළිදරව් කළා. එතන ඉදන් රාජපක්ෂලා මගේ පස්සෙන් පැන්නුවා. ඊට පස්සේ මම දිගටම ආණුඩු විරෝධිව වැඩ කරනකොට මින්නේරිය, දියතලාව, කිලිනොච්චියට මාරැකලා. අවසානයේ හමුදාපතිතුමා මාව බේරගන්න ඕනේ කියලා මින්නේරිය කටුකෙලිය කැලේ කදවුරට දැම්මා. එහෙදි තමයි මව අත්අඩංගුවට ගත්තෙ.

ප්‍ර. ක්‍රිස් සුභසිංහ දැන් කෝ.

උ. ඒක වර්තමාන ආණ්ඩුව සොයා බැලිය යුත්තක්. ඔහු නිදැල්ලේ ඉන්නවා කියන්නේ අනතුරක්. ඔහුව පුහුණු කරලා තියෙන්නෙම මිනී මරන්න. ඔහු ගැන ටික ටික මාධ්‍ය වලින් කියවෙනකොට ඇවන්ට් ගාඩ් නැවකට දැම්මා. පසුව මොනවා උනාද දන්නේ නැහැ.

ප්‍ර. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා නිදහස් කර ගත් ආකාරය විස්තර කලොත්.

මම හයිටියේ ඉදන් ඇමෙරිකාට ගිහිල්ලා ශවේන්ද්‍ර සිල්වාට කිව්වා ෆොන්සේකා සර් ගේ ජීවිතය අනතුරේ එළියට ගන්න උදවු කරන්න කියලා.නමුත් ඒක කෙරැනේ නැහැ. හැමෝම ඉන්නේ දේශපාලන ගේම් වලනෙ. මම හයිටියේ ඉදන් ඇවිල්ලා ෆොන්සේකා මැඩම්ව හමුවුනා, මම ඇහැව්වා දැන් සර් එක්ක කවුද ඉන්නේ කියලා. මැඩම් කිව්වා කවුරැත් නැහැ කියලා. මම කිව්වා හරි මැඩම් මම වැඩේට අත ගහනවා බලාගෙන ඉන්න කියලා. සැක නම් නුවරට එන්න කියලා මම දිනයක් කිව්වා. මම මේ හැම දෙයක්ම කලේ බලයක් එක්කයි. මම බුදු දහම ගැන දැඩි විශවාසයකින් මේ හැම දෙයක්ම කලේ.මැඩම් නුවර ආවා. නුවරට ගිහිල්ලා දළදා මාලිගාවේ අවශ්‍ය පුද පූජා පවත්වලා පිරිත් කියලා එළියට බහිනකොටම දළදා මාලිගාව උඩ රවුමට වලාකුලක් එක්ක වැස්සක් වැටුනා. මැඩම් උඩබලාගෙන විනාඩි 5ක් විතර ඒ වැසේ තෙමුනා. මැඩම් දැන ගත්තා මට ඒ දේ කරන්න පුළුවන් කියලා. මම එතන ඉදන් හමුදාව ඇතුලේ වැඩ කරන්න පටන් ගත්තා. එතකොට තමයි මාව ඇතුලට ගත්තෙ. පස්සේ මම ඇතුලේ ඉදන් ඒකට අවශ්‍ය වැඩ කලා. මගේ ලග ජංගම දුරකථන තිබුනා මම ඒවා මගින් එළියේ ඉන්න අයත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා. මගේ ගාව විශාල ලෙස සාක්ෂි තිබුනා රාජපක්ෂලාට විරැද්ධව. මම ඒවා එකින් එක එළියට දැම්මා. ඒවා දැම්මේ අලගියවන්න කියන මාගේ හිතවතෙකු හරාහායි. ගෝඨාට, බැසිල්ට ඒවා ලැබෙන්න සැලැස්වුවා එතකොට තමයි බැසිල් එක් වරක් කිව්වේ අප අතර තවම ද්‍රොහියෝ ඉන්නවා කියලා. ඔවුන් බය වුනා මම ඒවා හෙළි කලොත් ඔවුන්ගේ දේශපාලනය, ඔවුන් කරන බොරැව දිගටම කරන්න බැරි වන බව.අවසානයේ විවිධ දින දුන්නා ෆොන්සේකා ව එළියට දාන්න. මුලින්ම ජනවාරි 01 කිව්වා, ඊට පස්සේ පෙබරවාරි 04 කිවිවා, ඊට පස්සේ සිංහල අවුරැද්දට කිව්වා අන්තිමේ මං මගේ තුරැම්පු හිර කරන කොට තමයි කවුරැ නොසිතු දිනක ෆොන්සේකාව එළියට දැම්මේ.

ප්‍ර. ඔබට විරැද්ධ චෝදනා මොනවාද

උ :- මට විරැද්ධව චෝදනා ගොනු කලේ නැහැ. මම කිව්වේ මාව උසාවියකට ඉදිරිපත් කරන්න කියලා විතරයි. මාව උසාවියකට ඉදිරිපත් කළා නම් ගොඨා දැනගෙන හිටියා ඒගොල්ලෝ කරපු සියළු දේවල් මම හෙළි කරන බව. ඒ නිසා මාව හිර කරගෙන හිටියා හැබැයි මාව මරන්නත් ඒගොල්ලො බය වුනා.

ප‍්‍ර :- මාස 19 කට ආසන්න කාලයක් ඔබව කඳවරක් තුළ සිරගතකරගෙන සිටිමුත් කිසිද මාධ්‍ය ආයතනයක් ඔබ ගැන කතා නොකිරීමට හේතුව කුමක්ද?

උ :- ඒකට පිළිතුර මට වඩා හොඳට ඔබ දන්නවා ඇති. මම සටන් කළේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ පවුලට යට වී තිබූ මාධ්‍ය ජාවාරමක් රට තුළ තිබෙන මොහොතකයි. සමහර මාධ්‍ය ආයතන ඒ කාලය තුළ රාජපක්ෂ පවුල් සමාගමට විරුද්ධව එකදු වචනයක්වත් තමන්ගේ මාධ්‍ය හරහා ජනතාව වෙත රැගෙන ගියේ නැ. නමුත් මා මාගේ අභිලාෂය අත්හැරියේද නැත.

ප‍්‍ර :- ඔබ යුද සේවයෙන් ඉවත්වීමට ඉල්ලූම්කළ ලිපිය අධ්‍යයනය කිරීමේදී පෙනියන ප‍්‍රධාන කාරනයක් වන්නේ ඔබගේ ගමන් මඟ කිසිවකුට විශ්වාස කළ නොහැකි ප‍්‍රබන්දයක් ලෙයසි.

උ :- ඔබ සොයාගනු ලැබු එම ලිපිය ප‍්‍රබන්දයක් නම් මා වැරදි තොරතුරු හා අසත්‍ය ප‍්‍රකාශ කළ බව ප‍්‍රකාශ කර ඒ කාල වකවානුව තුළ මා හට විරුද්ධව යුද හමුදාවේ ජේෂ්ඨ නිළධාරින් හට ක‍්‍රියා කිරීමට අවස්ථාව තිබුණා. නමුත් එහෙම දෙයක් වුණේ නැ. සත්‍ය කියන්නේ සමහරුන්ට ඉතා අප‍්‍රසන්න දෙයක්. සාමාන්‍ය ජන සමුහයක් තුළ අසාමාන්‍ය හැකියාවක් නොමැතිව මා කළ කී දේ තව කෙනෙකුට කළ හැකිද?.

ප‍්‍ර :- මේ ලිපිය අනුව ඔබ ශී‍්‍ර ලංකාව තුළ ක‍්‍රියාත්මක වු ප‍්‍රධාන ක‍්‍රියාන්විත බොහොමයකට දායකත්වය ලබා දී ඇති බව පෙනී යනවා.

උ :- ඔව්. ඒ අනුව තමයි මම 2011 පෙබරවාරි මස 19 දින ශී‍්‍ර ලංකා යුද සේවයෙන් ඉල්ලා අස්වීමට ලිපියක් ඉදිරිපත් කළේ. ඒ තුළින් මා පාලයින් වෙත ඔවුන්ගේ කූඨ පැවැත්ම හා කුරීරු බව ධර්මානුකූලව පෙන්වා දුන් අතර මාගේ ඊළඟ මෙහෙයුම වුයේ යුද්ධය අවසන් කලා යැයි ජනතා පිළිගැනීම ඇති ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මුදා ගැනීම හා ඊට අමතරව රාජපක්ෂ පවුල් සමාගම විසින් කූඨ ලෙස විනාශ කර දැමීමට සැලසුම් සකස් කර තිබු වර්ථමාන ජනාධිපති මෛත‍්‍රිපලා සිරිසේන මැතිතුමා, නිමල් සිරිපාල විපක්ෂ නායකතුමා, ජොන් සෙනවිරත්න මන්ත‍්‍රිතුමා හා තවත් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් කීප දෙනෙකු රැක ගැනීම. අද මා නිහතමානිව සතුටුවන ප‍්‍රධාන කාරනයක් වන්නේ ඒ මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා අද රටේ ජනාධිපති, සරත් ෆොන්සේකා මහතා ෆිල්ඞ් මාර්ෂල් තනතුරට උසස් වුනා. නිමල් සිරිපාල මැතිතුමා අද රටේ විපක්ෂනායක.

ප‍්‍ර :- මෙවැනි දෙයක් කිරීමට ඔබ ක‍්‍රියාත්මක වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතාම ප‍්‍රබල කාලයක, මරණබිය සිතට ආවේ නැද්ද?.

උ :- තමන් කවුද තමන්ගේ හැකියාව කුමක්ද හා ධර්මය පිළිබඳ අවබෝධයක් තිබේනම් කුමට මරණයට බිය වන්නද?. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ පවුල් සමාගමේ විශේෂයෙන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ උත්සහ කළේ අමරණියත්වයට පත්වන්නයි. රාජපක්ෂ රාජාන්ඩුව අමු අමුවේ ජනතාව විනාශ කරා රැගෙන ගියා. පන්සිය පනස් ජාතකයේ පළමු ජාතක කතාව අපන්නක ජාතකයයි. ප‍්‍රධානියා මිත්‍යා දෘෂ්ටික වු විට ජනතාව විනාශවන ආකාරය එම ජාතක කතාවේ ගෞතම බුදු රජාණන් වහන්සේ මනාව දේශනා කර තිබෙනවා. රට වැසියාට වුයෙත් ඒ දේමයි. ඊට හේතුව පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ විශ්වාස කළේ මලයාලි ගුරුකම් ඒ කියන්නේ මලයකුන් ඇදහිමයි. ඒවායේ ප‍්‍රථිපල ලෙස රට තුළ ජනතාව භීතියට පත්කරන සිදුවීම් රට පුරා ව්‍යාප්ත කළා. විශේෂයෙන් ග‍්‍රිස් යකුන්, සමහර මිනිමැරම්, භූත බලවේග, යක්ෂ බලපෑම් නසා සිදුවු බව ජනතාව තුළ ඒත්තු ගැන්වීමට පාලකයින් ක‍්‍රියාත්මක විම හොඳම උදාහරණ කීපයක්.

ප‍්‍ර :- ඔබ ඇමරිකා එක්සත් ජනපදයට 2013.07.19 පිටත්ව ගියේ කුමන අරමුණකින්ද?.

උ :- ජාත්‍යන්තරයේ මතයක් තිබුණා ශී‍්‍ර ලංකාව යුද අපරාද සිදුකළා කියලා. මම එම මතයට විරුද්දව නැගිසිටියා. ඊට හේතුව මම 59 සේනාංකය සමග මුලතිව් කැලය හරහා මුලතිව් දක්වා කි.මි. 37 කට අධික දුර ප‍්‍රමානයක් ගමන් කළා. ඒ කියන්නේ 2008 ජනවාරි මස 7 දින සිට 2008 නොවැම්බර් මස 19 දක්වා. ඊට පස්සේ මා 2008 නොවැම්බර් මස 20 දින 58 සේනානංකයේ 581 බලසේනාවේ බලසේනා මේජර් ලෙස මුලංකාවිල් සිට පුනරින්, පරන්තන්, කිලිනොච්චි, අලිමංකඩ, පුදකුඩුඉරිප්පු, ඉරනපලය හරහා වෙල්ලාමුලි වෙයිකාල් දක්වා කි. මි. 120 ක් පමණ දුර ගමන් කළා. දල වශයෙන් මානුෂික මෙහෙයුමේ කි. මි. 160 අධික ප‍්‍රමාණයක් සක‍්‍රියව සිටි අතර සිදුවු සියලූ සිදුවීම් මා හොඳාකාරව දන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිදානයේ මානව හිමිකම් කොමිසම මඟින් පත්කළ ශී‍්‍ර ලංකාවේ තුළ සිදුවු යුද අපරාද පිළිබඳව සොයාබැලිමට පත්කළ කමිටුව 2014 දෙසැම්බර් මස ස්විස්ටර්ලන්තයේ සිට ඇමරිකාවට පැමිණියා. ඒ මා හමුවන්න. එහිදී මා ඔවුන්ගේ තර්ක සියල්ල බිඳ දැම්මා. මා ඔවුන්ව අභියෝග කළා පුළුවන්නම් ශී‍්‍ර ලංකා යුද හමුදාව සිදුකල යුද අපරාද දෙකක් ඔප්පුකර පෙන්වන ලෙස. නමුත් ඔවුන් අපොහොසත් වුණා. ඒ දේ කරන්න ඔවුන් ලඟ තිබුණේ කටකතා විතරයි. ඊට අමතරව හුදකලාව සිද්ධ වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් කිපයක් සම්බන්ධව විස්තරත් ඔවුන් ලඟ තිබුණා. මාගේ මතය වුයේත් එම මානව හිමිකම් උල්ලංඝනය කළ අයට තරා තිරම නොතකා දඬුවම් කළ යුතුය යන්නයි. මානව හිමිකම් උල්ලංඝනය කළ අය අනිවාර්යෙන් නීතියේ රැහැනට කොටුකරගෙන තරා තිරම නොබලා දඬුවම් ලබාදීම වත්මන් ජනාධීපති ඇතුලූ රාජ්‍ය පාලකයින්ගේ යුතුකමයි. නැත්නම් වෙන්නේ වේලූක ජාතකයේ බුදුන් දේශනා කළ පරිදි සර්පයන් සමග ජීවත් වුවහොත් එම සර්පයන්ගේම දශ්ඨයට ගොඳුරු වීමයි.

ප‍්‍ර : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලය තුළ ඔහුගේ ක‍්‍රියා කලාපය මෙතරම් විවේචනය කිරිමට ප‍්‍රධාන හේතු කවරේද?.

උ : ප‍්‍රධාන වශයෙන්ම LTTE ත‍්‍රස්තවාදය මෙතරම් ව්‍යාප්ථ වීමට මහේන්ද්‍ර රාජපක්ෂ සෘජුවම ක‍්‍රියා කළා. ඊට හොඳම උදාහරණය ඔහුගේ රියදුරකු ලෙස ක‍්‍රියා කළ LTTE සංවිධානයේ හිටපු නායකයෙකු වු බාලා. ඊට අමතරව මොහොතක් සිතා බලන්න. පර්සි මහේන්ද්‍රට එරෙහි නැගි සිටි සියලූ දේශපාලන නායකයින් මිය යන්නේ LTTE ප‍්‍රහාරවලින්. නමුත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට LTTE ප‍්‍රහාර නැ තිබුණත් රගපෑම් විතරයි. හැබැයි ඔහු නොසිටින්න යුද්දය අවසන් කරන්න අමාරුයි. ඊට හේතුව යුද්දය තිර්ව වන සෑම මොහොතකම මොහුම තමයි රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ජාත්‍ය්නතරය සමග සක‍්‍රිය ලෙස ක‍්‍රියාත්මක වී ක‍්‍රියාන්විත නතර කරනු ලැබුවේ. හොදම උදාහරණය 1989 ජිනීවා වල කළ උපවාසයයි. මේ කාවද රැක්කේ. සුනාමි සඳහා ලැබුණු කෝටි ගණන් මුදල් LTTE යට දුන්නේ කවුද?. 2005 මැතිවරණයේදී උතුරු නැගෙනහිර ඡුන්දය වර්ජනය කර ගැනීම සඳහා LTTE යේ සහය ගත්තේ කවුද?. මානුෂිය මෙහෙයුම අවසන් කාලය තුළ ක‍්‍රියාන්විතය ආපසු හරවා ප‍්‍රභාකරන් මුදවා ගැනිමට උපායන් යෙදවුයේ කවුද?. 2015 පැවති ජනාධීපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය වර්ජනය කර ගැනිමට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන රුද්‍රකුමාරගෙන් සහය අපේක්ෂා කළේ කවුද?. මේ කරුණු කාරනා කිපයක් පමණි.
ඇවන්ගාර්ඞ් හරහා 60,000 ක පෞද්ගලික හමුදාවක් සැදීම සඳහා කුමන්ත‍්‍රණකාරි ලෙස ශී‍්‍ර ලංකා ත‍්‍රිවිද හමුදාවේ 48,000 කට අධික සෙබළු පිරිසක් සේවයෙන් පහකිරීමට පිඹුරුපත් හැදුවේ කවුද?. අද වන විට ආන්දෝලනාත්මක අවි නැව් වල තිබූ අවි පිළිබඳ කිසිදු විස්තරයක් නොමැත. රාජ්‍ය බලය අනිසිලෙස උපයෝගි කරගෙන පෞද්ගලික හමුදාවක් හැදුවේ නම් අපේ රටත් තව වසර කීපයකින් ලේ විලක් වනු නොඅනුමානය. ඊට හේතුව රට තුළ දුෂණය, භීෂණය හා මර්ධනය ඉතා ඉහල අගයක් ගැනිමයි. සුදු වෑන් සංකල්පය මතක ඇති. මිනිසුන්ගේ සිතීමේ නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, නිදහස් අදහස් දැරීමේ නිදහස අමු අමුවේ උල්ලංඝනය වෙලයි තිබුණේ. මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය ඉතා ඉහල අගයකයි තිබුණේ. විශේෂයෙන් හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ තමයි රට තුළ ව්‍යාප්ත වුනේ. මේ දිනවල මත්කුඩු ජාවාරමට සම්බන්ධ වුවන්ගේ නම් කරලියේ ඔබලටත් ඇහෙනවා ඇති ඔවුන් රාජපක්ෂ පවුල් සමාගම සමග ඉතා ලගින් කි‍්‍රයාකලවුවන් බව ඔබලා දන්නවා ඇති.

ප‍්‍ර : මේ සියලූ ක‍්‍රියාකාරකම් තුළින් ඔබ අපේක්ෂා කළේ කුමක්ද?.

උ : ජීවිත පරදුවට තබා කළ කැපකිරිම් තුළින් ඇත්ත වශයෙන් මම කාරණා තුනක් අපේක්ෂා කළා. ඒ සම්බන්ධව තමයි මම මේ පොත මා සිර කර තැබූ කාලයේ ලිව්වේ.”මෙහෙයුම් ජය රැකගනිමු” මෙහි මම ලොකයම ආරක්ෂා කළ හැකි බුදුන් දේශිත වර්ථමානයට ඉතා වැදගත් කරනා තුනක් ඉෂ්ඨ සිද්ධ කර ගැනිම සඳහා අපේක්ෂා කරනවා.

ප‍්‍ර : ඔබට පුළුවන්ද කෙටියෙන් එම කාරණා 3 ගැන ප‍්‍රකාශයක් කරන්න?.

උ : ඔව්. 1. අද වන විට රට වැසියන් දන්නවා ගෞතම බුදුන් ශී‍්‍ර ලාංකිකයකු බව. පාලකයින්ද මෙය පිළිගත යුතුයි.
2. බුදු දහම ආරක්ෂා කළ යුතුයි.
3. බෞද්ධයින්ට උරුම පැවති විවාහයන් නැවත නීතිගත කිරීම.
ඉහත කරුණු 3 මම කෙටියෙන් ඔබට කිව්වට ඉතා විශ්ලෙෂනාත්මක ලෙස මා රචිත ”මෙහෙයුම් ජය රැකගනිමු” පොතේ සටහන්කර ඇත.

ප‍්‍ර : ඔබ බුදුරජාණන් වහන්සේ ලාංකිකයෙක් කියන්නේ මොන පදනමකින්ද

උ :ඉපැරණි ග්‍රන්ථ පරිශිලනය කරන ඕනෑම කෙනෙකුට දැනගන්න පුළුවන් දේවානම් පියතිස්ස රජතුමා තම සෙනෙවියෙකු අතේ ඉන්දියාවට මැණික් 3ක්, මුතු8ක් ඇතුළු තවත් ද්‍රව්‍ය යැවු බව. මැණික් 3 යනු බුදුන්,දහම්,සඝුන් මුතු 8 යනු ආර්ය අශ්ඨාංගික මාර්ග. තවත් විස්තර තියෙනවා මේ සම්බන්ධව මගේ ලග. බුද්ධ පරින්ර්වානයෙන් වසර දහයකට පස්සේ ලංකාවට ආවා බුද්ධඝෝෂ ඔහු බුදු දහම ඉන්දියාවට ගෙන ගියා පමණක් නොවේ අපේ ඉතිහාසය විකෘති කළා. බුදුන් ගේ සමයේ ඉන්දියාවේ හිටපු නිගන්ඨයෙක් වන මහාවීර ගේ චරිතයට බුද්ධ චරිතය ඔහු විසින් ආදේශ කළා. මේ සම්බන්ධව මම මගේ පොත් වලට ඇතුලත් කළ පසු බුදුන් ශ්‍රී ලාංකික බව පිළිගන්නා විද්වතුන් මාව හමු වෙන්න පැමිණියා.

ප‍්‍ර: ඒ කියන්නේ ඔබ මෙම යුධ ජයග‍්‍රහණයේ ගෞරවය හිටපු ජනාධිපති මහන්ද රාජපක්‍ෂ මහතාට ලබාදීමට විරුද්ධවයි කතා කරන්නේ.

උ: එදා 2002 වර්ෂයේ රටතුළ සාම ගිවිසුමක් ක‍්‍රියාත්මක කළා ඒ සාම ගිවිසුම පවා විනාශ කලේ පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ප‍්‍රමුඛ ඔහුගේ ගෝල බාලයින් තමයි. මොහොතක් සිතන්න වර්ෂ 2002 ට ප‍්‍රථම උතුරු නැගෙනහිර ජනතාවගෙන් බහුතරයකට දකුනට ඒමට අවකාශ තිබුනේ නැ. විශේෂයෙන් LTTE සංවිධානය ඒ සදහා බාධක පමුණුවලයි තිබුනේ. 2002 වන විට උතුරු නැගෙනහිර ජීවත් වු අවු: 40 ක පුද්ගලයෙකු ගත්තොත් ඔහුට දැනුම් තේරුම් ඇති දවසේ ඉදන් ඔහු දැක තිබුනේ යුද්ධය විතරයි. නමුත් ඇත්ත වශයෙන් 2002 වර්ෂයේ තිබු සාම ගිවිසුම හරහා උතුරේ ජනතාවට දකුණටත් දකුණේ ජනතාවට උතුරටත් යාමට ඉඩ ප‍්‍රස්ථාව ලැබුණා. ඇත්තටම මෙම සාම ගිවිසුම නිසා LTTE ත‍්‍රස්තවාදීන්ගේ 10,000 කට අධික ප‍්‍රමාණයක් LTTE සංවිධානය හැර ගියා. කොතරම් අවි ආයුධ මිලදි ගත්තත් ත‍්‍රස්ත කණ්ඩායමට යුද්ධ කරන්න පිරිසක් නැත්නම් ඒ සංවිධානය කඩා වැටෙනවා. ඊට අමතරව සටන් කළ බහුතර ත‍්‍රස්තවාදී පවා දෙගිඩියාවෙන් තමයි සටන් කළේ. ඊට හේතුව දකුණට පැමිණි බොහොමයකට ප‍්‍රභාකරන් කියපු මිලේච්ඡ සිංහලයන් හමුවුනේ නැ. දැහැමින් සෙමින් සහජීවනයෙන් ජීවත් වන පිරිසක් තමයි දකුණෙදි හමුවුනේ. ප‍්‍රභාකරන්ගේ ප්‍රෝඩාව ඔවුන්ට තේරිලයි තිබුණේ.

සත්‍ය වශයෙන් ගත්තොත් ප‍්‍රභාකරන්ගේ විනාශය ආරම්භ වුනේ 2002 වර්ෂයේ ක‍්‍රියාත්මක වු සාම ගිවිසුම සමගයි. ඊට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ තමයි යුධ හමුදාවට අති නවීන අවි ආයුධ බොහොමයක් ලැබුනේ. මේ යුද්ධය නිම කිරිමට වසර ගණනක් බොහො දෙනෙක් ඇප කැපවීම් කළා. ජීවිත දහස් ගණනක් විනාශ වුණා. ඒක එක්කනෙකුට දෙන්නෙකුට තනියෙන් භුක්ති විදිමට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

සාකච්ඡාව – සී.එදිරිමාන්න

Share this: