ෆාතිමාගේ නිසල සිරුර සොයාගැනේ

ෆාතිමාගේ නිසල සිරුර සොයාගැනේ

දින හයක් තිස්සේ අතුරුදන්ව සිට ගම්පොළ ප්‍රදේශයේ වළ දමා තිබියදී සොයා ගත් 22 හැවිරිදි ෆාතිමා මුනව්වර දැරියගේ සිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මළ සිරුර හඳුනාගැනීමත් සමඟ පොලිසිය මියගිය දැරියගේ සිරුර ගොඩගැනීම ආරම්භ කළා.

24 හැවිරිදි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මැයි 12 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාතිමා ඝාතනය කළ බව පාපොච්චාරණය කිරීමෙන් පසුව, ඔහු දැරියට අතවර කිරීමට තැත් කළ බව පවසමින් සහ ඇය ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු ඇයව වනගත ප්‍රදේශයකට ගෙන ගොස් ඇයව මරා සිරුර වල දමා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරු එළු රංචුවක් ඇති කරන අයෙකු බවත්, ප්‍රදේශයේ තණකොළ කපමින්, එළුවන්ට කෑම එකතු කරමින් සිටියදී දැරිය ඔහු අසලින් යද්දී දැරිය මුණගැසී ඇති බවත්, ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බවයි.

ෆාතිමා මුනව්වර අවසන් වරට හමුවී ඇත්තේ ඉරිදා රැකියාවට යමින් සිටියදී තම නිවසේ සිට වැලිගල්ල නගරය දෙසට බසයක් සොයා පයින් යමින් සිටියදීය.

Share this: