ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් එලියට පැමිණීමෙන් පසු පැවසු දේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් එලියට පැමිණීමෙන් පසු පැවසු දේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා ශාන්ත පීතර චතුරශ්‍රයේ දිව්‍ය පූජාව පැවැත්වූ අතර, රෝහලෙන් පිටව ගොස් දිනකට පසු වසරේ පාස්කුවද ආරම්භ කළේය.

ඔහු 30,000කට අධික විශ්වාසවන්තයින් ඉදිරියේ ගොක් ඉරිදා උත්සවය අධීක්‍ෂණය කළ අතර ඉන් අනතුරුව ඇන්ජලස් යාඥාවද පවත්වන ලදී.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බදාදා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළුණි.

සෙනසුරාදා රෝහලෙන් එලියට පැමිණීමෙන් පසු පාප් වහන්සේ විහිළුවට පැවසුවේ “තවමත් ජීවතුන් අතර” සිටින බවයි.

“මට අසනීපයක් දැනුණා, නමුත් මම බය වුණේ නැහැ.” ලෙස වැඩි දුරටත් පැවසීය.

රෝහලෙන් එලියට පැමිණීමෙන් පසු පාප් වහන්සේ සෙනඟට කතා කිරීමට පෙර සිනා සෙමින් තම මෝටර් රථයෙන් අත වනනු දක්නට ලැබිණි.

Share this: