නිවසක වසා දැමූ ළිඳක් මතින් ගමන් කරමින් සිටි සිසුවෙකු අදාළ ළිඳ සමඟ ගිලා බැස සිසුවාද ජීවිතක්ෂයට පත්ව ඇත.
රත්ගම, බෝපගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති, අතර, 17 හැවිරිදි සිසුවකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.
එසේම පොලිසිය පවසන්නේ සිසුවා ද සමග ළිඳ අඩි 13ක් පමණ ගිළා බැස ඇති බවයි.
අදාළ ළිඳේ ජලය නොමැති බැවින් වැටුණු සිසුවා බේරාගැනීමට ළිඳ අභ්‍යන්තරයට ගිය ඔහුගේ 20 හැවිරිදි ඥාති සොහොයුරා ද සිහිසුන්ව රෝහල්ගත කර ඇත.
Share this: