ළමා හා වැඩිහිටි දිනය අදයි

ළමා හා වැඩිහිටි දිනය අදයි

“ළමා මිතුරු පරිසරයක්, ලොව බබලන සොඳුරු දැයක්“ හා “සුපසන් නගරයක් සොදුරු වැඩිහිටි දිවියක් ” යන තේමා මුල් කර ගනිමින් ලෝක ළමා හා වැඩිහිටි දිනය අද සමරයි.

මෙවර ජාත්‍යන්තර ළමා දිනයේ ජාතික උත්සවය යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන මෙම උත්සවය අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙයි.

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂන අධිකාරියද විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළේ ගම් මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රීයාත්මක කරන බවයි.

ළමුන්ට සිදුවන අපයෝජනයන් අවම කිරීම සඳහා දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

මේ අතර ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ ජාතික උත්සවය මෙවර පැවැත්වෙන්නේ අනුරාධපුර, සාලියපුර වැඩිහිටි නිවාස පරිශ්‍රෙය්දීය.

සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික වැඩිහිටි දින උත්සවයේදී වයස අවුරුදු සියය ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා උපහාර පිදීමක් ද සිදුකිරීමට සැළසුම් කර ඇත.

Share this: