තම මාස 18ක දියණිය සහ අවුරුදු 9ක පිරිමි දරුවා පාලමක් මත තබා බෙන්තර ගඟට පැන්න කාන්තාවක් බේරා ගෙන ඇත.
ඊයේ (26) දහවල් මෙම කාන්තාව බෙන්තර පාලමේ ආරක්ෂිත වැටෙන් අඩි 40ක් පමණ උසකින් ජලයට පැන ඇති බවද පොලිසිය පවසයි.
මෙම කාන්තාව ජලයේ ගසාගෙන යමින් සිටියදී ඒ අසල ජල ක්‍රීඩා කරමින් සිටි තරුණයෙකු විසින් ඇය බේරාගෙන තිබෙනවා.
බලංගො ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඌරගස්මංහන්දියේ ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී සිටි අතර දෙදෙනා අතර නිතර ආරවුල් ඇති වූ බවද වාර්තා වේ.
Share this: