හොර සැමියාගෙන් පහර කැ, කාන්තාව මරුට

හොර සැමියාගෙන් පහර කැ, කාන්තාව මරුට

පානදුර උතුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇති වු ගැටුමක් මත අදාළ පුරුෂයා විසින් පහරදීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

පහරදීමෙන් බරපතළ තුවාළ ලැබු කාන්තාව පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 38 හැවිරිදි කෙසෙල්වත්ත, දිග්ගලපාර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සදහන්ය.

Share this: