මුදල් නෝට්ටු ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් ලෙස හදුනාගෙන තිබේ.
පසුගිය දින 3ක කාලය තුළ සිදුකළ වැටලීම්වල දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
තවද, සැකකරුවන් ශ්‍රී ලංකාවේ සිට ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු ඉන්දියාවට ජාවාරම් කර ඇති අතර මෙම ජාවාරමට 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඉන්දීය රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 42ක් සොයාගෙන ඇති අතර, එම ඇතැම් ව්‍යාජ මුදල් නෝට්ටු පකිස්ථානයේ මුද්‍රණය කර ඇති බවට ද ඉන්දීය ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
එමෙන්ම ජාවාරම්කරුවන් විසින් මේ වන විට මෙලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 6ක පමණ ව්‍යාජ මුදල් නෝට්ටු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ජාවාරම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්ය.