හොර මත්පැන් විකුණන අය ගැන අපට කියන්න – සුරාබදු දෙපාර්තමේන්තුව

හොර මත්පැන් විකුණන අය ගැන අපට කියන්න – සුරාබදු දෙපාර්තමේන්තුව

මේ සිංහල අවුරුදු සමයේ, නීති විරෝධි ආකාරයෙන් මත්පැන් අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, 0112 300 170 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසයි.

තවද, බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේදී නීති විරෝධි අයුරින් මත්පැන් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, බණ්ඩාරවෙල පොලිසිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී එම මත්පැන් තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 144ක් සහ බියර් කෑන් 47ක් සොයාගෙන තිබේ.

ඒ අනුව සැකකරු මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර යළි ලබන 20 වනදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: