ශ්රී ලාංකිකයින් පස්දෙනෙකු ඉන්දීය නේපාල දේශසීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධීව නේපාලයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
දේශ සීමාවේ රාජකාරියේ නිරත ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්රී ලාංකිකයින් පස් දෙනාට අමතරව බංග්ලාදේශ, භූතාන සහ මියෙන්මාර ජාතිකයින් පිරිසක් ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පිරිස ඉන්දියානු ජාතිකයින් බව පවසමින් නේපාලයට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බව වාර්තාවෙයි.
ආගමන නිලධාරීන්ට අනුව පසුගිය වසරේ බංග්ලාදේශ ජාතිකයින් 3363 දෙනෙකු ශ්රී ලාංකිකයින් තිදෙනෙකු නේපාලයට නීති විරෝධීව ඇතුළු වී ඇති අතර භූතාන මියෙන්මාර සහ පකිස්ථාන ජාතිකයින් ද එලෙස නීති විරෝධීව නේපාලයට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
Share this: