වීසා බලපත්‍ර නොමැතිව සහ කිසිඳු නීතිමය ලියකිවිල්ලක් හෝ නොමැතිව ඉන්දුනීසියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 85දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු සුමත්‍රා ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නීති විරෝධීව එරට රැඳී සිටීම සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකිකයින් 85 දෙනාට අමතරව තවත් විදේශීය ජාතිකයින් 310 දෙනෙකු ද ඉන්දුනීසියානු ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පිරිස බෝට්ටු මාර්ගයෙන් ඉන්දුනීසියාවට පැමිණ ඇති බව එරට ආගමන විගමන බලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සෝමාලියානු ජාතිකයින් 170 දෙනෙකු ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 26 දෙනෙකු රෝහින්ගයා ජාතිකයින් 23 දෙනෙකු, සුඩාන් ජාතිකයින් 22 දෙනෙකු, පලස්තීන ජාතිකයින් 17 දෙනෙකු, ඉරාන ජාතිකයින් 17 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 11 දෙනෙකු සහ දකුණු අප්‍රිකානු, පාකිස්ථාන, තායිවාන, නේපාල, ජාතිකයින් වන බව සඳහන්ය.