හොර දොස්තර අත්අඩංගුවට

හොර දොස්තර අත්අඩංගුවට

ශල්‍යාගාරයට වෛද්‍යවරයෙකු ලෙස දඹුල්ල මුලික රෝහලේ ඇතුළුවීමට ගිය අ‍යෙකු එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අල්ලා පොලිසියට බාරදී තිබේ.

ව්‍යාජ ලෙස සකසන ලද වෛද්‍ය හැඳුනුම්පතක් වෙද නලාවක් මෙම පුද්ගලයා ළඟ තිබී සොයාගන ඇත.

ඔහු කුමන කාරණයක් සඳහා පැමිණියේද යන්න මෙතෙක් හෙළිවී නැති අතර, මෙම පුද්ගලයා වේද නලාවද රැගෙන රෝහලට ඇතුළු වී තිබේ.

සැත්කම් කාමරයට ගමන් කරන අතරදී සාමාන්‍ය ඇඳුමකින් සැරසී ඒ අසලින් ගමන් කළ වෛද්‍යවරයෙකුට මොහු සිනහා වී ගුඩ් මෝනින් කියා යන්නට හදන විට එම වෛද්‍යවරයාට ඇති වූ සැකය මත ප්‍රශ්න කිරීම නිසා මෙම පුද්ගලයා පොලීසියට බාරදීමට හැකි වී ඇත.

මෙම තරුණයා මැදිරිගිරියේ පදිංචි අයෙක් වන අතර, දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .

Share this: