හොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරන වෙළෙන්දන් ගැන පැමිණිලි කිරීමට ක්‍රමයක්

හොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරන වෙළෙන්දන් ගැන පැමිණිලි කිරීමට ක්‍රමයක්

ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරන වෙළෙන්දන් පිළිබඳ පැමිණිලි සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීමට මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක සඳහන් කළේ අදාළ දුරකථන අංකය පැය විසිහතරේම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට 0112 182 250 ට දැනුම් දිය හැකි බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Share this: