හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ.

නැවත දැනුම් තුරු සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස දැනුම් දී තිබියදී ඉකුත් 27 වැනිදා දේවමෙහෙයක් පැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකා වකුෆ් සභාව මගින් පසුගිය 15 වැනිදා කොරෝනා මැඩලීමේ ජාතික ක්‍රියාදාමයේ පිහිටා සියලු පල්ලිහි සමූහ ක්‍රියාකාරකම් නැවැත්වීමට නියෝග කර තිබිණි.

මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍යභාර කටයුතු පිළිබඳ හා මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ලේකම්ගේ අත්සන සහිතව මෙම නිවේදනය නිකුත් කර ඇත.

image_dba6076d71

Share this: