හොරා පොලිස් සොයන පොලිස් නිලධාරීන්!

හොරා පොලිස් සොයන පොලිස් නිලධාරීන්!

කළුතර කටුකුරුන්ද හන්දිය අසලදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් යැයි පවසමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු බස් රථයක් එනතුරු සිටි පුද්ගලයකු සෝදිසි කර ඔහුගේ මුදල්ද රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පා ගමනින් කුරුඳු සහ ගම්මිරිස් අලෙවි කරන අයෙකු බව සඳහන්ය.

12/16 වෙනිදා ඔහු කටුකුරුන්ද මංසන්ධියේ බස් රථයක් එනතුරු සිටියදී මෙම කොල්ලය සිදු වූ බව පොලිසියට වාර්තා කළේය.

ඒ අනුව දකුණු කළුතර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් වෙයි.

Share this: