හොඳ තරඟයක් දෙන්න අපි සුදානම්

හොඳ තරඟයක් දෙන්න අපි සුදානම්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු රසල් ඩොමින්ගෝ පවසන්නේ, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරඟයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තියුණු තරඟයක් ලබාදීමට තම කණ්ඩායම සූදානම් බවයි.

තවද, දකුණු අප්‍රිකානු කණ්ඩායම ගත වු ලෝක කුසලාන තරගාවලි හයේදීම පරාජයට පත්ව තිබේ. එබැවින්, මෙම තරගාවලියේ, හොදින්, රැදී සිට, අවසන් තරගයට, ක්‍රීඩා කිරීමට බලාපොරොතු වෙන බව පවසි.

පෙර වැරදි පිළිබඳ අවධානය යොමුකර විශ්වාසයෙන් මෙවර තම කණ්ඩායම රඟවැදීමට ශක්තිමත්ව සූදානම්ව සිටින බවයි දකුණු අප්‍රිකානු පුහුණුකරු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පවසන්නේ, ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන විශේෂඥයින් පිළිබඳ දකුණු අප්‍රිකානු කණ්ඩායම අමතක නොකළ යුතු බවයි.

තවද, ඔහු පෙන්වා දෙන්නේ ගතවු අට වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා ආසන්නයටම පැමිණ ඇති බවයි.

Share this: