ජනාධිපතිවරයාගේ විධායක බලය යටතේ රටේ පවතින නීති ක්‍රියාත්මක කිරීමට තමා බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ 13 වැනි සංශෝධනය අනුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවත් එසේ නොමැති නම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හරහා අහෝසි කළ යුතු බවත්ය.
Share this: